සූර්යබල විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය සැරසේ
Thursday, 30 July 2020 - 10:20 | Views - 633
අවම මිල ගණන් යටතේ සූර්යබල විදුලිය මිලදී ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් ලක්ෂ 2737 ක ලාභයක් උපයා ගැනීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්යබල විදුලිය මෙගාවොට් 150 ක් මිලදී ගැනීමට රජය අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව, සූර්යබල විදුලිය මිලදී ගැනීම සඳහා තරඟකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් දිනකට විදුලිබල මණ්ඩලයට ඉතිරි වන මුදල රුපියල් හත්ලක්ෂ 50,000 ක් වනවා.
ඒ අනුව, වසරකට ඉතිරි කරගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737 ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article