රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
Thursday, 30 July 2020 - 9:28 | Views - 468

කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන් 10,000 කගේ පමණ රැකියා අහිමිවී ඇති බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය කියා සිටියේ රැකියා අහිමිවී, මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.
මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රමිකයන් 40,000 ක් පමණ ඉල්ලුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව පසුගියදා විශාල කතාබහක් ඇතිවූවා.
කෙසේ වෙතත් මෙය සැලසුම්සහගත සිද්ධියක් නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.
ජෝර්දානයේ අල්ඛරාක් කර්මාන්තපුරයේදී මෙම සිද්ධිය වාර්තා වූයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදීයි.
පසුව 350කට ආසන්න මෙම පිරිස කලහකාරී ලෙස හැසිරීමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දානයේ ආරක්ෂක අංශ කටයුතු කළා.
කෙසේ වෙතත්, පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය කියා සිටියේ මෙම ප්‍රහාරය තම කාර්යාංශයේ හෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවයි.
Share This Article