මුහුණු පොතේ පෙම්වතා 14 හැවිරිදි පෙම්වතිය රවටා මත් චුවින්ගම් ලබාදී සිදු කළ අපරාධය
Thursday, 30 July 2020 - 9:04 | Views - 339
මුහුණු පොත මගින් සතියකට පෙර හදිසියේ හඳුනාගත් ජාත්‍යන්තර පාසලක 14 හැවිරිදි ළාබාල සිසුවියක සමග පෙම් බැඳ පසුව ඇය රවටා, සංචාරක ලැගුම්හලක් වෙත කැඳවා ගෙන ගොස් එහිදී මත් චුවින්ගම් එකක් ඇයට ලබා දී පසුව ඇය ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 21 හැවිරිදි තරුණ සංගීත ශිල්පියකුට සහ එම අපයෝජනය සඳහා ලැගුම්හල ලබා දුන් ලැගුුම්හලේ කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා අධි චෝදනා පත‍්‍ර භාරදෙන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ මෙහි පළමු විත්තිකරු වන පෙම්වතා පාසල් යමින් සිටි ශිෂ්‍යාව පාසල් නිල ඇඳුමෙන්ම කැඳවාගෙන ගොස් අතරමඟදී පාසල් නිල ඇඳුම මාරුකර ලැගුුම්හල වෙත කැඳවාගෙන ගොස් ඇතිබවත් එහිදී මත්වන චුවින්ගමයක් ලබාදීමෙන් අනතුරුව ඇය මත්වූ බවත් ය.

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥ ප‍්‍රසාද් චතුරංග මහතා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව විත්තිකරුවන් රුපියල් 50,000 ක් බැගින් මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. රජයේ අධිනීතිඥ ගයනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. වැඩිදුර විභාගය කල් තැබිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top