ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගියෙක් නෑ
Thursday, 30 July 2020 - 8:21 | Views - 555
විදේශීය නැව්වල කාර්ය මණ්ඩලය ලෙස සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා.
මෙම නාවිකයන් අතරින් ඉන්දීය ජාතිකයන් 77 දෙනෙකු අලුයම 4.20 ට චෙන්නායි නුවර සිට මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.
නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගෙන් යුත් මෙම යානය අලුයම 5.40 ට මෙරට සේවය නිමවා රැඳී සිටි ඉන්දීය ජාතික නැවියන් 10 දෙනෙකු රැගෙන චෙන්නායි නුවර බලා පිටත්ව ගියා.
මීට අමතරව අලුයම 1.45 ට විදේශ නැවියන් 32 කු කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
එමෙන්ම අබුඩාබි සිට තවත් නැවියන් දෙදෙනෙකු රැගත් යානයක් කටුනායකට පැමිණි අතර මොවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා.
මේ අතර ගතවූ පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තාවී නොමැති අතර, ඒ අනුව ආසාදිතයන් මුළු සංඛ්‍යාව දැක්වන්නේ 2,810 ක් ලෙසයි.
තවදුරටත් රෝගීන් 482 කු වෛද්‍ය අධීක්ෂනය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,317 ක්.
Share This Article