ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගියෙක් නෑ
Thursday, 30 July 2020 - 8:21 | Views - 556
විදේශීය නැව්වල කාර්ය මණ්ඩලය ලෙස සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා.

මෙම නාවිකයන් අතරින් ඉන්දීය ජාතිකයන් 77 දෙනෙකු අලුයම 4.20 ට චෙන්නායි නුවර සිට මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.

නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගෙන් යුත් මෙම යානය අලුයම 5.40 ට මෙරට සේවය නිමවා රැඳී සිටි ඉන්දීය ජාතික නැවියන් 10 දෙනෙකු රැගෙන චෙන්නායි නුවර බලා පිටත්ව ගියා.

මීට අමතරව අලුයම 1.45 ට විදේශ නැවියන් 32 කු කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

එමෙන්ම අබුඩාබි සිට තවත් නැවියන් දෙදෙනෙකු රැගත් යානයක් කටුනායකට පැමිණි අතර මොවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා.

මේ අතර ගතවූ පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තාවී නොමැති අතර, ඒ අනුව ආසාදිතයන් මුළු සංඛ්‍යාව දැක්වන්නේ 2,810 ක් ලෙසයි.

තවදුරටත් රෝගීන් 482 කු වෛද්‍ය අධීක්ෂනය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,317 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top