නගරාධිපති වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් දීමට තමා විරුද්ධ නැහැ
Wednesday, 29 July 2020 - 14:34 | Views - 353
කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකට අත තියන්න දෙන්නැහැ කියලා තමා කිවේ ඔහුට පහර දෙන්න හදන විරුද්ධ දේශපාලනඥයන්ට බව වරාය නාවික කටුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඇමතිවරයා එම අදහස් පැවසුවේ හිරු ''ඇත්ත" සමඟ විශේෂ සාකචාවකට එක්වෙමින්.
නගරාධිපති උවත් වරදක් කර ඇත්නම් ඔහුට දඩුවන් දීමට තමා විරුද්ධ නොවන බව පවසන ඔහු බුවනෙක බාහු රජතුමාට අයත් රාජසභා ගොඩනැගිල්ලක් මෙම ස්ථානයේ තිබුණු බවට කිසිදු සාක්ෂියක් පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුව මෙතෙක් ඉදිරිපත් නොකරන බව ද පෙන්වා දෙනවා.
කුරුණෑගල බුවනෙක හෝටලය බදු ගෙන සිටි අයිතිකරුගේ පුතාගේ නම බුවනෙක නිසා මෙය බුවනෙක බහු රජුගේ ගොඩනැගිල්ලක් යැයි පවසමින් ඇතමුන් දේශපාලන වාසිගන්න හදන බවද ඔහු පවසනවා.
බුවනෙක හෝටලයේ තිබු අනවසර ඉදි කිරීම් නගරසභාව විසින් ඉවත් කර ඇත්තේ නගර සභාවගත් ඒක මතික තීරණයක් මත බවත් ඔහු පවසනවා.
මෙම ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැල්ලක් බව පිළිගන්න බව පවසන ඔහු එය යළි ගොඩනැන්වියුතු බව පවසනවා.
මේ වන විටත් මිට අදාළව පරීක්ෂණයක් පැවවෙන බැවින් ඇත්ත ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවද පවසනවා.
Share This Article