පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ ගිණුමකින් පහලොස් ලක්ෂයක් මුදා හරින්නැයි අධිකරණ නියෝගයක්
Wednesday, 29 July 2020 - 13:15 | Views - 334
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ තත්කාලින දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 15 ලක්ෂ අටදහසක මුදලක් එම සමාගෙමේ මුදල් අයෝජනය කළ කාන්තාවක් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද මහ බැංකු අධිපතිවරයාට නියෝග කළා.

මෙම කාන්තාව නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තමන් විසින් අදාළ සමාගමේ සිදුකළ ආයෝජනය වෙනුවෙන් මෙම මුදල ලාභාංශ ලෙස ලැබීමට නියමිතව තිබූ බවයි.

මේ අතර පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අධිකරණයට හමුවේ පෙනී සිටිමින් මෙම ආයෝජිකාව විසින් ආයෝජනය කළ මුදල් කල් පිරී තිබේ නම් එය මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව සිය නීතිඥවරයා මාර්ගයෙන් කියා සිටියා.

ඒ අනුව අදාල මුදල මෙම කාන්තාවට ගෙවන ලෙස මහ බැංකු අධිපතිවරයාට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යලි කැදවන නොවැම්බර් මස 12 වනදා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට නියෝග කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top