24 හැවිරිදි එක්දරු මවක් වූ බිරිඳගේ දත ගැලවූ සැමියා අත්අඩංගුවට
Wednesday, 29 July 2020 - 12:39 | Views - 603
තම සැමියා දතක් ගැලවෙන්නට පහර දීමෙන් පසුව එම දත රැගෙන පොලිසියට පැමිණි උඩුගම ගමගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට උඩුගම පොලිසිය පෙරේදා (26) පියවර ගෙන තිබේ.
මෙසේ රෝහල් ගත කරනු ලැබ ඇත්තේ 24 හැවිරිදි එක් දරු මවකි.
මෙම කාන්තාවගේ තිස් පස් හැවිරිදි සැමියා බීමත්ව නිවසට පැමිණ කාන්තාව සමග ආරවුලක් ඇති කරගෙන ඇයට පහර දී ඇත.
පහර දීමෙන් පසුව කාන්තාවගේ දතක් ගැලවී ගොස් ඇති අතර අදාළ කාන්තාව දත ද රැගෙන උඩුගම පොලිසිය වෙත පැමිණ ඇත.
Share This Article