කොරෝනා දෙවන රැල්ලක අවදානම හේතුවෙන් යුරෝපා රටවල්වලට නීති දැඩි
Wednesday, 29 July 2020 - 11:22 | Views - 1,265
කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානම හේතුවෙන් යුරෝපානු රටවල් ගණනාවක් ඊට අදාළ නීති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන් ස්පාඤ්ඤය සහ ජර්මනිය දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති අතර, කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ සඳහා මෙලෙස දැඩි නීති පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට යුරෝපයට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින නිසා ජනතාව එක්රැස්වීම ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබෙනවා.
මේ වනවිට කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය හයලක්ෂයකට වැඩි පිරිස අතුරෙන් වැඩිපිරිසක් මියගොස් ඇත්තේ යුරෝපයේයි.
Share This Article