වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට දාන්න හැදූ පාර්සලය
Wednesday, 29 July 2020 - 9:59 | Views - 610
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට නීතිවිරෝධී ලෙස දැමීමට සූදානම් කර තිබූ පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පාර්සලය තුළ තිබී හෙරොයින්, දුරකතනයක්, එම දුරකතනයේ බැටරය හා චාජර් එක සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු බොරැල්ල සීවලීපුර ප්රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය වැඩිදුරටත් ප්රකාශ කළේ.
Share This Article