රූපවාහිනි යන්ත‍්‍රය හිසමතට වැටී පෙර පාසල් දැරිය අකාලයේ මිලිනවෙයි
Wednesday, 29 July 2020 - 9:15 | Views - 10,614
මව විසින් කෑම කවමින් සිටියදී අඟල් විසිඑකේ පැරැණි රූපවාහිනි යන්ත‍්‍රයක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ දැරියක රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි කියන සිද්ධියක් නවගමුව පොලිසියෙන් වාර්තා වෙයි.

පෙරේදා (26) උදෑසන 10.30 ට පමණ සිදුවී ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලිනුකි වර්ෂිකා රාජපක්ෂ නමැති අවුරුදු පහමාරක් වයසැති පෙර පාසල් දැරියකි.
 
සිද්ධිය වූ දින මියගිය දැරියගේ මව ඇයට කෑම කවමින් සිට වතුර එකක් ගෙන ඒම සඳහා නිවසේ මුළුතැන්ගෙට ගොස් තිබේ. එහිදී දැරිය තම නිවසේ කාමරය තුළ වූ රූපවාහිනි යන්ත‍්‍රය අසලට ගොස් ඇති අතර එහිදී රූපවාහිනි යන්ත‍්‍රය ඇයගේ හිස මතට වැටී ඇතැයි මියගිය දැරියගේ මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

එහිදී නිවසේ නාන කාමරය තුළ සිටි දොළොස් හැවිරිදි වැඩිමහල් පුතු එම ශබ්දය පිළිබඳ විමසීමේ දී තම බාල සොහොයුරිය වැටී සිටින අයුරු දැක තිබේ.

එහිදී ඒ බව තම මවට දන්වා ඇත. ඒ අනුව දැරිය වහාම නවගමුව රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසා ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන නවගමුව පොලිසිය පවසයි.

නවගමුව පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පො. සැ. (56992) රෝහිත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
 
 මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top