ගේයි ඉඩමයි ලියා දෙන්න කියා 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු මවට ගැසූ පුතා
Wednesday, 29 July 2020 - 9:07 | Views - 3,091
නිවස පිහිටි ඉඩම ලියා දෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහර දී නුලකින් ඇගේ ගෙල සිර කළ සැකකාර පුතු ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 27 වැනිදා නියම කළේය.
 
මිනුවන්ගොඩ උතුරු වැලියේ පදිංචි සුමිත් චන්දන පෙරේරා නමැති 36 හැවිරිදි අවිවාහක සැකකරු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
 
සැකකරු තම මව නිවස තුළට ගෙන නිවසේ දොර ජනෙල් වසා මවට මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බවත් මවගේ කෑගැසීම ඇසී පැමිණ ඇති අසල්වැසියන් නිවසේ දොර ගුලූ කඩා මව බේරාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
 
සැකකරු මව ඝාතනය කර වැසිකිළි වළට දමන බවට තර්ජනය කරමින් පහරදී ඇති බවත් පහරකෑමට ලක් වූ මව ගම්පහ දිස්ත‍්‍රික් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top