Game of Thrones රූපවාහිනි කතාමාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ Sophie Turnerව සොයා ආ අලුත් අමුත්තිය මෙන්න
සොෆි බෙලින්ඩා ජොනාස්ව බොහෝ දෙනෙකු හඳුනාගන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත් වුනු "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සන්සා ස්ටාර්ක් චරිතයට පණ පෙවූ නිසාවෙනුයි.
ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන ජෝශප් ඇඩම් ජොනාස් සමඟයි.
කෙසේ වෙතත් මේ යුවළගේ කැදැල්ලට අලුත් අමුත්තියක් පැමිණ තිබෙන ආරංචිය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අලුත් අමුත්තියට නම් තබලා තියෙන්නේ Willa යනුවෙන්ලූ..
යුවළට සමීප අයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුනේ "ඔවුන් මේ වන විටත් උමතුවෙන් සිටින බවත්, ඔවුන්ගේ නව සාමාජිකාවිය ගැන ඉමහත් සතුටින් පසුවන බවයි.."
ඔවුන් දෙදෙනාට දසතින් සුභ පැතුම් ගලාගෙන එන අතර මේ යුවළ විවාහ ගිවිස ගත්තේ, මීට වසර කිහිපයකට ඉහත 2017 ඔක්තෝම්බර් මාසයේදීයි.
ඔවුන් දෙපළගේ විවාහ උත්සවය ප්‍රංශයේ පැවති අතර, මධුසමය සඳහා ඔවුන් පිටත්ව ගියේ මාලදිවයිනටයි...
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
