හජ් වන්දනාව අද ඇරඹේ - මිලියන 2ක් පැමිණි මක්කම 10,000කට සීමාවේ
Wednesday, 29 July 2020 - 8:12 | Views - 349
දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් එරට සිටින වන්දනාකරුවන් දස දහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධවූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී අදින් ආරම්භ වනවා.
සාමාන්‍යයෙන් මිලියන 2ක දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට වාර්ෂිකව එක්වන නමුත් කොරෝනා වසංගතය හමුවේ එය සීමා කිරීමටයි සෞදි රජය පියවර ගනු ලැබුවේ.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 68 ලක්ෂ 83,656ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හයලක්ෂ 62,473ක් ලෙසයි.
Share This Article