ETF පොලිය පහළට
Wednesday, 29 July 2020 - 8:11 | Views - 597
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා පසුගිය වසර වෙනුවෙන් ගෙවන පොලිය සියයට 8 දක්වා පහත දමා තිබෙනවා.
2018 වසරේ එය සියයට 9 ක්ව පැවති අතර, රජයේ පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීම මීට බලපා ඇති බවයි එහි සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සඳහන් කළේ.
ලක්ෂ විසි පහක් පමණ මෙම අරමුදලේ සාමාජිකත්වය දරණ අතර, අරමුදල මේ වනවිට රුපියල් බිලියන 300 ඉක්මවා තිබෙනවා.
කෙසේ වෙතත් ඊ.ටී.එෆ් සුරැකීමේ සේවක සංගමය පෙරේදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ මෙතරම් විශාල අරමුදලක පරිපාලන කටයුතු සිදු කෙරෙන සාමාන්‍යාධිකාරි තනතුර වසර 15 ක් තිස්සේ පුරප්පාඩුව පවතින බවයි.
Share This Article