කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ
Tuesday, 28 July 2020 - 14:36 | Views - 314
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාලව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරික්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට එලඹි බවයි.
අදාල පරීක්ෂණය සිදුකරන ලෙස ක්‍රිකට් ආයතනයේ විනය කමිටුවට දැනුම් දීමට නියමිත බවද ඔහු සඳහන් කළා. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් මේ වන විට කොළඹ පිහිටි හෝටලයකදී පැවැත්වෙනවා.
Share This Article