සනත් නිශාන්ත මැතිවරණ නීති උල්ලංඝණය කරමින් හැසිරුණු සිද්ධිය ගැන වැඩබලන පොලිස්පති වාර්තාවක් කැදවයි
Tuesday, 28 July 2020 - 13:15 | Views - 1,108
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ලියාපදිංචි නොකළ යතුරුපැදිවල නැග හිස් වැසුම් නොමැතිව මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ පළ වී මීට අදාළ ඡායාරූප පිළිබදව පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවයි.
Share This Article