විමල් විරවංශගේ ඇස් උඩ ගියේ ඇයි?-[Video]
Tuesday, 28 July 2020 - 12:09 | Views - 711
ශ්‍රී ලංකාවේ පොලිසිය සිංහල මිනිස්සුන්ට එක්විදියකටත් මුස්ලින් මිනිසුන්ට තවත් විදියකටත් සලකන බවට ජනතාවිමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී විජිත හේරත් පිටරටකදී කළ ප්‍රකාශය දකින විට තමාගේ ඇස් උඩ ගිය බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා
ඔහු මෙම අදහස් පැවසුවේ හිරු ටී.වී සලකුණ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින්.
විජිත හේරත් මෙම ප්‍රකාශය කරන්නේ දෙමළ ඩයස් පෝරාවට බවද ඔහු පවසනවා.
"සිංහල මිනිසුන් මාර්ග නීති කඩකාලාම අතහරිනවා.මුස්ලින් මිනිසුන් මාර්ග නීති කඩකලාම වදදෙනවා" යනුවෙන් විජිත් හේරත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව කරන ලද එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් බවත් බොහෝ වෙලාවට සිදුවන්නේ එම කාරණයේ අනිත් පැත්ත බවත් විමල් විරවංශ පවසනවා.
පසුගිය ආණ්ඩුව සමයේ ඇතම් මුස්ලින් ප්‍රදේශවල ජනතාව හෙල්මට් නොමැතිව යතුරු පැදිවල ගිය ආකාරයද අමාත්‍යවරයා මෙහිදී මතක් කළා
මිට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට එළබෙන් ආණ්ඩුවක කිසිදු ඉඩක් නොලැබෙන බවද විමල් විරවංශ පවසනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශ පහතින්.
Share This Article