වන අලි ප්‍රහාරයට ලක්වූ කථිකාචාර්යවරියට සැත්කමක්
Tuesday, 28 July 2020 - 11:55 | Views - 170
වන අලි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ තාක්ෂණික අංශයේ කථිකාචාර්යවරිය අද සැත්කමකට භාජනය කර තිබෙනවා.
32 හැවිරිදි වියේ පසුවන ගයත්‍රි දිල්රුක්ෂි නම් ඇය පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව යාපනය දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ.
කෙසේ වෙතත්, පසුව ගුවන් මගින් ඇය කොළඔ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
Share This Article