ගම්පොළ රිය අනතුරකින් අඹු - සැමි යුවළක් ඇතුළු 3 ක් ජීවිතක්ෂයට
Tuesday, 28 July 2020 - 11:21 | Views - 597
පේරාදෙණිය - ගම්පොළ මාර්ගයේ ගෙලිඔය - කරමඩ ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අඹු - සැමි යුවලක් ඇතුළු තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකුගේ ගැටී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඒ සමඟම එම දිශාවටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ වැටී සිටි පදිකයා යටකරගෙන ගොස් ඉදිරියේ නවතා තිබූ මෝටර් රථයක ද ගැටී පෙරළී ගොස් තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරට පත් පදිකයා සහ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් තවත් පුද්ගලයෙකු මහනුවර රෝහලටත්, යතුරුපැදිකරු පේරාදෙනිය රෝහලටත් ඇතුළත් කර ඇති බව සඳහන්.

එහිදී ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයා මෙන්ම පදිකයා මිය ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මිය ගොස් ඇත්තේ රැකවල්පොළ ගම සහ වෙලෙම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 සහ 53 හැවිරිදි වියේ පසු වූ අඹු - සැමි යුවළක් වන අතර පදික පුද්ගලයා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top