දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්
Tuesday, 28 July 2020 - 8:29 | Views - 447
දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම තමන් පසුගිය දිනවල චාරිකා කළ සියළු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් එල්ල කර ඇති බැවින් ඊට විසදුම් ලෙස විධිමත් මෙන්ම නිසි ප්‍රමිතිගත සැලැස්මක් ඇතිව සියළු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ද  ජනාධිපතිවරයා අවධාරණය කළා.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකට ද එක්වුණා.

ඊට අමතරව බිංගිරිය - දුම්මලසූරිය - නෙරළුගම ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ තවත් ජන හමුවකට ද ජනාධිපතිවරයා එක්වූ අතර, එහිදී මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස් තමන් මුහුණ දී ඇති ගැටළු පිළිබදව ජනතාව අවධානය යොමු කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top