රැකියා අහිමිව ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස්
Tuesday, 28 July 2020 - 8:19 | Views - 1,106
කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී ගැටළුවට නිශ්චිත විසදුමක් නොමැති බවට පවසමින් ශ්‍රමිකයින් විරෝධය පළ කිරීමත් සමඟයි මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල පීඩා විදින හා විවිධ ගැටළුවලට මුහුණ පා ඇති මෙරට පුරවැසියන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.
Share This Article