රාජාංගණයේ - යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ
Tuesday, 28 July 2020 - 8:11 | Views - 348
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2805 දක්වා ඉහළ ගියා.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර, අනෙක් 5 දෙනා කටාර් රාජ්‍යයෙන් සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 673ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2,121ක්.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න සඳහන් කළා. කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියා.

මේ අතර, කොරෝනා මර්දන කටයුතු ඇතුළු බෝවන රෝග මර්දනය කිරිමේ කටයුතුවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අද විශේෂ සාකච්ඡාවක් පවත්වනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ පෙරවරු 10.30ට අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top