බුවනෙක ගොඩනැගිල්ල යළි ඉදිකිරීමට ලක්ෂ 90ක ඇස්තමේන්තුවක්
Monday, 27 July 2020 - 21:15 | Views - 618
පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල - බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 90ක පමණ මුදලක් වියදම් වනු ඇති බවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කළ එම දළ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අනුනායක හිමිවරුන්, සංස්කෘතික හා පුරාවිද්‍යා විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ හමුවකදී වැඩිදුර සාකච්ඡා වූ බවයි.

ඒ අනුව අදාළ මුදල් කුරුණෑගල මහ නගර සභාවෙන්, වයඹ පළාත් සභාවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද අය කර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා සඳහන් කළා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත අදාළ ගොඩනැගිල්ල පිහිටි ඉඩමට ඇතුළුවීම මේ වන විට අධිකරණය විසින් තහනම් කර ඇති අතර, නීතිපතිවරයා කරන ලද දැනුම්දීමකට අනුව කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීවගෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top