වික්ටෝරියා වේල්ලේ හැඩය වෙනස් වෙයි
Monday, 27 July 2020 - 20:31 | Views - 1,236
ද්විත්ව ආරුක්කු හැඩයට මුළුමනින් කොන්ක්‍රීට් යොදා මෙරට ඉදිකරන ලද පළමු වේල්ල වන වික්ටෝරියා වේල්ලෙහි හැඩය මේ වන විට වෙනස් වී ඇති බව හෙළි වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය කියා සිටියේ වේල්ලේ සවි කරන ලද උපකරණ මාර්ගයෙන් චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ සිදුකළ සැසදීමේදී මේ බව අනාවරණ වූ බවයි.

මීටර් 500ක් පමණ උසැති වේල්ලේ විශාල පැල්මක් පවතින බවට ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, අදාළ පැල්ම වසර කිහිපයක සිට පවතින බව ද ජලාශයේ කාර්ය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

1985 වසරේ විවෘත කරන ලද වික්ටෝරියා ජලාශය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය මූල්‍යාධාර උපයෝගී කර ගනිමින්.

කෙසේ වෙතත්, අනවසරයෙන් පුද්ගලයින් ජලාශයට අයත් රක්ෂිතය අල්ලා ගැනීම ඇතුළු විවිධ හේතූන් මත ජලාශයේ ජල ධාරිතාව මේ වන විට අඩුවෙමින් පවතින බවයි වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පෙන්වා දුන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top