ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස සුපිරි ක්‍රිකට් ගැටුම ඇරඹෙන දිනය මෙන්න
Monday, 27 July 2020 - 19:57 | Views - 625

රටම බලා සිටි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස සුපිරි ක්‍රිකට් ගැටුම ඇරඹෙන දිනය මෙන්න
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 20 දක්වා
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු මස 28 සිට සැප්තැම්බර් මස 20 දක්වා පැවැත්වීමට අද රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව තරඟ 23 කින් සමන්විත මෙම තරඟාවලිය මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 5කදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
ඒම ක්‍රීඩාංගණ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, රංගිරි රඹුලු ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.
තරඟාවලියට කණ්ඩායම් 5ක් එක්වන අතර එම කණ්ඩායම් කොළඹ, දඹුල්ල, මහනුවර, ගාල්ල, යාපනය ලෙස නම්කර තිබෙනවා.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 70 කට අධික සංඛ්‍යාවක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ.
තරඟ කාල සටහන සහ කණ්ඩායම් සංචිත ඉදිරියේදී නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
Share This Article