ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස සුපිරි ක්‍රිකට් ගැටුම ඇරඹෙන දිනය මෙන්න
Monday, 27 July 2020 - 19:57 | Views - 626
රටම බලා සිටි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස සුපිරි ක්‍රිකට් ගැටුම ඇරඹෙන දිනය මෙන්න

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 20 දක්වා

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු මස 28 සිට සැප්තැම්බර් මස 20 දක්වා පැවැත්වීමට අද රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව තරඟ 23 කින් සමන්විත මෙම තරඟාවලිය මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 5කදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඒම ක්‍රීඩාංගණ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, රංගිරි රඹුලු ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

තරඟාවලියට කණ්ඩායම් 5ක් එක්වන අතර එම කණ්ඩායම් කොළඹ, දඹුල්ල, මහනුවර, ගාල්ල, යාපනය ලෙස නම්කර තිබෙනවා.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 70 කට අධික සංඛ්‍යාවක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ.

තරඟ කාල සටහන සහ කණ්ඩායම් සංචිත ඉදිරියේදී නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top