දහම් පාසල් අදියර දෙකක් යටතේ යළි ඇරඹේ
Monday, 27 July 2020 - 16:28 | Views - 1,698
කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ යළි ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා අගෝස්තු මස 16 වන දාත්, 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අගෝස්තු මස 23 වන දා ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
සෞඛ්‍ය උපදෙස්වලට අනුව දහම් පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ද දැනුවත් කර තිබෙනවා.
Share This Article