කොරෝනා ප්‍රතිඵල මිනිත්තු 30කින්
Monday, 27 July 2020 - 12:58 | Views - 247
නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයන් 29 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ වනවිට පුද්ගලයන් 26,942 නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ තවදුරටත් 3556 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

මේ අතර විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුලූ ගුවන් මගීන් 55 දෙනෙකු අද අලූයම 1.30ට කටාර් සිට පැමිණි කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අටදෙනෙකුද එලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ගුවන් තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 151,324ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රීතව  හඳුනා ගත් කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 580ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 465 දෙනෙකු පුනරුත්ථාපන රැඳවියන් වන අතර, තවත් 65 දෙනෙකු එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්.

ඊට අමතරව ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු සහ කන්දකාඩු ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 5 දෙනෙකුට ද වෛරසය ආසාදිත බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කියා සිටියේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 2782 පවතින අතර ඉන් 665 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2106ක්.

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36ක් තුළ ලබාගැනීමේ වැඩි දියුණු කළ ක්‍රමවේදයක් සොයාගැනීමට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

වර්තමාන පරීක්ෂණ ක්‍රමවේදයට ඉහළ තාක්ෂණික පුහුණුවක් ලත් කාර්ය මණ්ඩල අවශ්‍ය වන අතර, ප්‍රතිඵල ලබාගැනීමටද පැය කිහිපයක් ගතවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ජංගම පරීක්ෂණ කට්ටලයක් ලෙසද භාවිත කළ හැකි මෙම නව ක්‍රමවේදය තුළ ප්‍රජාව පවා ප්‍රක්ෂේපනයට ලක් කර පරීක්ෂා කළ හැකි බව සඳහන්.

එමෙන්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු චීනයෙන් වැඩිම කොරෝනා අසාදිත සංඛ්‍යාවක් ඊයේ වාර්තාවී තිබෙනවා.

නව ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 83,830 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නව ආසාදිතයන් 61 දෙනාගෙන් 57 දෙනෙකුම ෂිංජියැන්ග් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top