බොක්සිං වළල්ල තුළ ප්‍රතිවාදීයාගේ කන සපාකමින් විශාල ආන්දෝලනයක් ඇති කළ මයික් ටයිසන් යළිත් බොක්සිං වළල්ලට
Monday, 27 July 2020 - 12:18 | Views - 455
ලොව ප්‍රමුඛතම බොක්සිං ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන හෙවිවේට් ශූර මයික් ටයිසන් නැවතත් බොක්සිං වළල්ලට එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ඒ අනුව 2005 වසරින් පසුව හෙවිවේට් බොක්සිං ක්‍රීඩාවට සමුදුන් මේ වනවිට 54 හැවිරිදි මයික් ටයිසන් එළැඹෙන සැප්තැම්බර් මස 12 වැනිදා තවත් හෙවිවේට් ශූරයකු වන රෝයි ජෝන්ස් සමඟින් ප්‍රදර්ශන බොක්සිං තරගයක් සඳහා සහභාගි වීමට නියමිත අතර, මෙම තරගය වට අටකින් සමන්විත වීමද විශේෂත්වයකි.
 

‘ඩිග්නිටි හෙල්ත් ස්පෝර්ට්ස් පාර්ක්’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශන බොක්සිං තරගය සජීවීව නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි නොවන අතර, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ රූපවාහිනිය ඔස්සේ මෙම තරගය නැරඹීමට අවස්ථාව හිමිවේ.
 
මෙම තරගයේදී ටයිසන්ගේ ප්‍රතිවාදියා වන 51 හැවිරිදි රෝයි ජෝන්ස් 2003 වසරේදී ලෝක හෙවිවේට් කිරුළ දිනා ගත් අතර, බොක්සිං ඉතිහාසයේ වසර 106කට පසුව හෙවිවේට් කිරුළට හිමිකම් කියූ පළමු මිඩ්ල්වේට් ශූරයා වශයෙන්ද ඔහු වාර්තා අතරට එක්ව ඇත.
 
කෙසේ වෙතත් 1986 වසරේදී 20 හැවිරිදි වියේ පසුවන අවස්ථාවේදී ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ හිමිකරගත් මයික් ටයිසන් එම දස්කම දැක්වූ ලොව ලාබාලතමයා වශයෙන්ද ඉතිහාසයට එක්විය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top