අපේ රටේ කොරෝනා රෝගීන් නැහැ කියා උදම් අනමින් සිටි උතුරු කොරියාව භීතියට පත් කරමින් එරටින් හමු වූ පළමු ආසාදිතයාගේ තොරතුරු එළියට
Monday, 27 July 2020 - 10:59 | Views - 259
උතුරු කොරියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තාවී තිබේ. ඒ සමගම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට රජයේ ප්‍රධානීන් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා කොරෝනා පැතිරයෑම වැළැක්වීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබේ.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ආසාධිතයා කේසෝන් නගරයෙන් හමුවී ඇති අතර දකුණු කොරියාවේ සිට අනවසරයෙන් එරටට පැමිණි අයකු බවයි.
මේ වන විට එම රෝගියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර නිරෝධායනයට ලක්කර තිබේ. එසේම එම රෝගියා ඇසුරු කළ පිරිස්ද නිරෝධායනයට ලක්කර තිබේ.
එසේම එම රෝගියා හමුවූ ප්‍රදේශයට අමතරව ඒ වටා අනෙකුත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ. එසේම එම ප්‍රදේශ සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එසේම මෙම රෝගියා උතුරු කොරියාවට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඊට වගකිව යුතු උතුරු කොරියානුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව උතුරු කොරියානු රජය පවසයි.
Share This Article