වසර දෙකකට පෙර 13 හැවිරිදි සිසුවියක් ඝාතනය කර වැටකෙයියා ගසක එල්ලූ ඇඟ කිළිපොලා යන සිද්ධියේ සුල මුල
Monday, 27 July 2020 - 8:43 | Views - 365
මීට වසර දෙකකට පමණ පෙර ගාල්ල, දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලා 13 හැවිරිදි බාල බවස්කාර පාසල් සිසුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙන්නේ.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ රත්නපුර, නිරිඇල්ල - බටහිර උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි සැකකරුවෙක්.

රත්නපුර ,ගොඩකවෙල, පල්ලෙබැද්ද - ගල්පාය, බඹරගල පදිංචිව සිටි 13 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් 2018 ඔක්තෝම්බර් 02වන දින ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදි මෙලෙස එල්ලා මරා දමා තිබුණා.

අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය කියා සිටියේ ඝාතනයට ලක්වු සිසුවිය 2018 සැප්තැම්බර් 28වන දින සැකකරු සමඟ නිවසින් පිටව ගොස් හෝටලයක සහ සැකකරුගේ මොරටුවේ මිතුරකුගේ නිවසේ නතරව සිට දින හතරකට පසු ගාල්ලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇය ආපසු නිවසට යාමට නොහැකි බව පැවසීම නිසා, එසේ නම් දෙදෙනා එකට මිය යමුයි පවසා සැකකරු ඇය දඩල්ල කනත්ත අසලට කැඳවාගෙන ගොස් ඇති බවයි.

එහිදි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ වේදනා නාශක පෙති විශාල ප්‍රමාණයක් කුඩුකර වතුර සමඟ කලවම් කර ඇයට පානය කිරීමට දි ඇති බවත් එවිට ඇය සිහි මූර්ජාවි ඇති බවත් පසුව ඇයගේ බෑගයේ තිබු සායක් ඉරා පටියක් ගෙන වැටකෙයියා ගසක අත්තක ගැටගසා මාලයක් සකසා ඇති සැකකරු ඇය ඔසවාගෙන ගසට නැග එය ඇයගේ බෙල්ලට දමා පහළට තල්ලුකර ඇති බවත්ය.

මියගිය සිසුවිය විසින් ඇයගේ සහෝදරියට ගන්නා ලද දුරකථන ඇමතුම්වල අංක ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top