කොරෝනා ආසාදිතව ලොව පුරා සුවය ලැබූ සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
Monday, 27 July 2020 - 8:20 | Views - 475
ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි 64 ලක්ෂ 4,010 දෙනෙකු වාර්තාවන තත්ත්වයක් තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්කෝටි 37,448 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත මරණ සංඛ්‍යාව දැක්වන්නේ හයලක්ෂ 51,670 ක් ලෙසයි.

ගතවූ පැය 24 තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 55,567 ක්.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 43 ලක්ෂ 71,276 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 49,843ක් ලෙසයි.

මේ අතර ඉන්දියාවෙන්ද ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 50,525 ක් වාර්තාවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 14 ලක්ෂ 36,019 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ස්පාඤ්ඤය තුළ මේ වනවිට කොරෝනා වෛරසය පාලනය කර ඇති බව එරට රජය ප්‍රකාශ කළා.

ස්පාඤ්ඤ රජය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයන් දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක්කළ යුතු බවට බ්‍රිතාන්‍ය දැනුම්දීමත් සමඟයි.

ස්පාඤ්ඤ වැසියන්ට මෙන්ම සංචාරකයන්ටද තම රට සුරක්ෂිත බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top