දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා මේ මස 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති.
මහමැතිවරණයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු මස 6 වනදා පස්වරුවේ ලබාදීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.