රිෂාඩ්ගෙන් අද සී.අයි.ඩී යට ප්‍රකාශයක්
Monday, 27 July 2020 - 8:11 | Views - 360
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ වවුනියාවේදී මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවයි.
මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමකට අදාළවයි. අවස්ථා දෙකකදී ඔහු ප්‍රකාශ ලබාදීමට නොපැමිණි බවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වා තිබුණු අතර ඊට අදාළවයි මෙම නොතීසිය නිකුත් කෙරුණේ.
Share This Article