පැය 24ක් තුළ සැකකරුවන් 364 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට
Sunday, 26 July 2020 - 13:07 | Views - 913
අද උදෑසන පහෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් ඇතුලූ සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පිරිස අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 134 දෙනෙකු සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 73 දෙනෙකු මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් හතරදෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් සතුව තිබී සොයාගන්නා ලද හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 206 කට අධික වන අතර, කිලෝ හතරකට අධික ගංජා මෙන්ම ග්‍රෑම් 11කට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
Share This Article