මේ මාසයේ අවසන් තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 6.7 ක් අලෙවි වී ඇති අතර, වතු යායන්හි තබා අලෙවි කළ තේ කිලෝග්‍රෑම් 9 ලක්ෂයක්ද අලෙවි වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කළා.
එහිදී පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලූමක් පැවති අතර, කඳුකරයේ තේ කිලෝවක් විකිණුනු සාමාන්‍ය මිල රුපියල් 530 යි ශත 19ක්.
කෙසේ නමුත් පහත රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 667 යි ශත 23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.