ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39ක් අත්අඩංගුවට (වීඩියෝ)
Sunday, 26 July 2020 - 13:00 | Views - 589
 
ෆේස් බුක් ඔස්සේ සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යතුරුපැදි 27ක් ද සමගින්.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

අධික ශබ්ද නගමින් මධ්‍යම රාත්‍රී 12ට පමණ ආරම්භ කර තිබූ මෙම යතුරුපැදි තරගයට සහභාගී වී තිබූ සියලු තරුණයන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මෙන්ම අපරීක්ෂාකාරීව සහ අනතුරුදායක ලෙසට ධාවනයේ යෙදෙන ආකාරය පොලිසිය රහසිගතව නිරීක්ෂණය කර තිබුනා.

අනතුරුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් පිළියන්දල, බණ්ඩාරගම, මහරගම, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම ඇතුලු ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද උදෑසන සංවිධාන කර තිබූ මෙම යතුරුපැදි ධාවන තරගය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු කර තිබූ බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top