ගිනිකොණ දිග මුහුදේ දැඩි සුළං
Sunday, 26 July 2020 - 12:28 | Views - 542
දිවයිනට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි අතර, වැසි සමඟ සුළං වේගය පැයට කිලෝමීටර 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකියි.
මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි අතර, එහි ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
Share This Article