අත්ලේ හැඩයෙන් කියවෙන රහස් මෙන්න
Saturday, 18 March 2017 - 19:54 | Views - 32,586

පිරිමියෙක්ගේ හෝ ගැහැණියකගේ අල්ලේ ස්වභාවය අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්ෂණ හඳුනා ගැනීමට හැකිය.
අල්ලේ හැඩය හතරැස් නම් එවැනි අය පරාජයේ පසු නොබසින ගුණයෙන් යුතුය. මොවුන් බුද්ධිය මුල් කොටගත් රැකියාවන්හි බොහෝ දුරට නියැලෙයි. තම ආත්ම ගරුත්වය සුරැකෙන සේ කටයුතු කරන අය වේ. එසේම ඕනෑම බැරෑරුම් කටයුත්තකට උවද ඉදිරිපත් වීමට බිය නොවෙයි. සෘජු අදහස් හා ප්‍රතිපත්ති ඇත.
මැණික් කටුව ප්‍රදේශය ඇගිලි අගට යනවිට පළල ස්වභාවයක් ගනී නම් ඉසුරින් පිරි අනාගතයකට හිමිකම් කියයි. උපන් තත්වයට වඩා කිහිප ගුණයකින්ම උසස් තත්වයට පත්වීමට භාග්‍ය හිමි වේ. සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීමට නිතරම පාහේ දැඩි උනන්දුවක් සහිත වේ. ඕනෑම කටයුත්තක් හොඳින් සිතා බලා ඉටු කරයි.
කෝණාකාර හැඩැති තරමක් විශාල අල්ල හිමි අය අධ්‍යාපන කටයුතුවලට දක්ෂය. පොත පත කියවීමට ලේඛණ කටයුතුවලටද ලැදිය. එමෙන්ම තරමක් ආඩම්බර ගති පිහිටා ඇත. උසස් ගෞරවනීය රැකියාවක් කිරීමට භාග්‍ය හිමි වේ.
අල්ල කුඩාවට පිහිටීම අශුභ ඵල ඇති කරයි. වැඩ කටයුතු කරනවාට වඩා කරනුයේ කාලය කා දැමීමය. යම්කිසි වැඩක් පටන් ගත් විර්යයන්ද නැත. ආර්ථිකය අතින් දුබලය. මොවුන් තේරුම් ගැනීමද තරමක් අසීරුය.
යම් ස්ත්‍රීයකගේඅල්ල මනා ලෙස මසින් පිරී සිනිදුව ඇත්නම් ඇය තුල උතුම් මනුෂ්‍ය ගුණධර්ම මැනවින් පිහිටා තිබෙයි. සෑම අතින්ම දියුණු වීමට භාග්‍ය මැය සතුයි. එවැනි ස්ත්‍රිය තම සැමියාට පණ මෙන් ආදරය කරයි.
අල්ල ගොරෝසුවට පිහිටා නහරද දිස්වන්නේ නම් එය ස්ත්‍රීන්ට අවාසනාවන්ත පිහිටීමකි. වෙසෙසින්ම විවාහයට අහිතකර වේ.
ස්ත්‍රියකගේ අල්ල ඇත් සොඬක හැඩය ගෙන ඇත්නම් ඇය ප්‍රීතිමත්ය. රසකාමී හැගීම් බහුලය. නවීන පන්නයට අනුව ජීවත් වෙයි.
යම් පුරුෂයෙකුගේ අල්ල මනා ලෙස මසින් පිරි අල්ල මැද වල සහිත නම් ඔහු ආර්ථික අතින් ශක්තිමත් වේ. පියවරෙන් පියවර ඉදිරියට යයි. මොහුන් බොහෝ උත්සහවන්ත ලෙස ක්‍රියා කරයි.
අල්ල උසට පිහිටියේ නම් අනුන්ගේ දුක හොඳට තේරුම් ගනියි. ඔවුන්ට නිතර උදව් උපකාර කරයි.
අල්ල ගොරෝසුවට පිහිටා වැඩිපුර මසින් පිරුණු කුඩා ඇල්ලක් හිමි පුරුෂයාට ඇත්තේ දැඩි සිතකි. බුද්ධිමත් තීරණ ගැනීමට අපොහොසත්ය. පාපකාරී වැඩවල නිරත වේ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article