අවුරුදු අටක කුඩා දරුවෙකු මරා ගිල දැමු කිඹුලෙකු ගම්වාසීන් එක්ව මරා දමා ඇත. ඊට පසුව එම කිඹුලගේ බඩ ප්රදේශය පලා දරුවගේ ශරීර කොටස් එලියට ගැනීමට ගම්මුන් සමත් වී ඇත.
මෙය සිදුවී ඇත්තේ සිම්බාබ්වේ මාශෝනාලන්ඩ් නම් ප්රදේශයේදීය.
මෙහිදී බලා සිටීමට අපහසුම දර්ශනය වී ඇත්තේ පිරිමි කිහිපදෙනෙක් එක් වී කිඹුලගේ බඩ ප්රදේශය පලා දරුවගේ ශරීර කොටස් එළියට ගැනීමයි.
වාර්තාකරුවන් පවසන්නේ මේ ප්රදේශයේ කිඹුලන් නිතර දැකිය නොහැකි අතර මේ දිනවල මෙම ප්රදේශයට අධික වර්ෂාපතනයක් ලැබෙන බැවින් ගංඟාවල් උතුරා කිඹුලන් ගොඩට ඇවිත් බවය.
වීඩියෝ දර්ශන හා ඡායාරූප පහතින්.