නිළියක් වෙන්න ෆීල්ඩ් එකට ඇවිත්, පිරිමින්ට ඇඟ විකුණන්න වුණු මොඩ්ලින් කෙල්ල, ස්වේතාගේ අදහන්න බැරි කතාව
Monday, 29 June 2020 - 10:25 | Views - 928
මිල අධික සුවඳ විලවුන්.. ස්ට්‍රේට් කරපු කොණ්ඩේ... අඩි උස පාවහන්.. සිල්වර් පාට ඔරලෝසු... මේ තැනැත්තිය මහා වටිනා කියන කාන්තාවක්. ඒත් වෘත්තිය ගැන කියන්න කලින් ඇය ටික වෙලාවක් කල්පනාවට වැටුණා.
 
“මගේ ළඟට එන්නේ හොඳට සල්ලි විසි කරන්න පුළුවන් උන් විතරයි....” ඒක මහා ආඩම්බරකාර කියමනක්. මේ තැනැත්ති මීට පෙරතුව මුණ ගැහිච්ච හැම කෙල්ලෙකුටම වඩා වෙනස් වෙන්නේ එහෙමයි. අව් කණ්ණාඩි-වලින් වැහිච්චි ගැහැනියකගේ දෑස්වල දීප්තිමත් දුඹුරු පැහැය මගේ මනසේ බලි කුරුටු අඳිනවා.

“කීයක් විතර..?” මම ඇහුවේ ඒ මුහුණවත් නොබලා.
 
“විසි පන්දහා.. විසි හයදාහත් ගන්නවා.. ඒ බැරි නම් කොහොමත් මගේ අඩුම ගාන අටදාහ...”
 
“ඉතින් ඒ ගාණට එන අය ඉන්නවද?” ගැහැනියගේ වියරු හිනාව. ඇයව මීට කලින් කොහේ හෝ තැනක මම දැක ඇති බව මට හොඳටෝම විශ්වාසයි..
 
“නැතුව ඉතින්.... මේ අහන්න.. මොකද්ද ඔයාගේ නම...? කමක් නෑ.. ඒක අමතක කරමුකෝ.. මම මේ කියන්න හැදුවේ... මාව පිටින් බලන කෙනෙක් මම ගණිකාවක් කියලා කියන එකක් නැහැ. එක්කෝ එයාලා කියයි මොඩ්ල් කෙනෙක් කියලා. නැත්තම්.. නිළියක් කියලා. මම මේ මං ගැන වර්ණනා කරනවා නෙවෙයි. ඉස්සර ඉඳන්ම මට තිබ්බ හීනේ... ඒ හීනේ හොයාගෙන ඇවිත් තමයි මම මේ නරකාදියට වැටුණේ...”
 
“වෙයිට් වෙයිට්... මට අන්න ඒ ටික තමා දැනගන්න ඕනි..”
 
“ආහ්.. කියන්නම්කෝ නම් ගම් එක්කම...”
 
“අපෝ එපා... අහන්න.. මොකද්ද ඔය කියන ඔයාගේ හීනේ වුණේ..” ඇය ඇගේ දණිස් ගෙඩි දෙක එකට ළං කරගත්තා. මුහුණතේ හිනාවක් වෙනුවට මොකද්දෝ බලාපොරොත්තු සහගත හැඟීමක් පතිත වුණා. දැන් මේ ඇය කියන්න හදන්නේ ඇගේ කතාව... මොඩ්ල් කෙනෙක් වුණු ඇගේ කතාව.. එක්කෝ නිළියක් වුණු... නැතිනම් ගණිකාවක් වුණු ඇගේ ඉලව් කතාව........!
 
“මම ආසයි රඟපාන්න... ඉස්සර ඉඳන්ම.. ඒ තමයි මගේ හීනේ වුනේ.. ස්කූල් එකේදීත් මම දඟ ළමෙක්.. ඒ දවස්වලත් මම ස්ටේජ්-වල රඟපෑවා. පස්සේ පස්සෙ ඒ හීනෙට මම කොච්චර ඇබ්බැහි වුණාද කිව්වොත් එක එක නිළියෝ විදිහට අඳින්න පළඳින්න කතා කරන්න පටන් ගත්තා.. කොටින්ම මගේ අම්මට මාව හිසරදයක් වුනා.. මාව මොඩලින්වලට ගෙනාවේ මම දන්න අක්කා කෙනෙක්. එයාගේ නම හිරුනි.. එයා තමයි මුලින්ම මට කිව්වේ.. මේ ෆීල්ඩ් එකට එන්න නම් ගොඩාක් ලොකු කැපකිරීම් කරන්න වෙනවා. එයා ඒකෙන් අදහස් කළේ මට මගේ ඇඟ එහෙම් පිටින්ම පිරිමින්ට පූජා කරන්න වෙනවා කියලා.. ඒ පළවැනි පිරිමියා... මොඩ්ලින් ෆිල්ඩ් එකේ කෙනෙක්.. ඒ කෙනා එක්ක තමයි මම මේ ගමන එන්න පටන් ගන්නේ..”
 
“චුට්ටක් ඉන්න... ඔයා ඔය කියන්නේ ඒ කෙනා තමයි ඔයාව ගණිකාව කළේ...?” මම කතාවට බධා කරනවා. ඇය ඔලුව දෙපැත්තට හොලවනවා.
 
“නැහැ නැහැ... ඒක ඇත්තටම හැඟීමක්.. හරියටම කිව්වොත් ස්තූති පූර්වක හැඟීමක් වගේ එකක්.. මම ඒ මනුස්සයව දැක්කේ මගේ ගැලවුම්කාරයා හැටියට. දෙයියනේ! මේ මිනිහා මට කරන උදව්ව නිසා මට ලැබෙන දේවල්.....”
 
“දැන් ඔයා මොඩිලින් කෙල්ලක්...?”
 
“ඒකපාරම ඒ විදිහේ කෙල්ලෙක් වෙන්න ලේසි වුණේ නෑ. මම ඉබේම මෙතනට පහත් වෙද්දි මාව රතුපලස් දාලා පිළිගත්තු උන් නෙවෙයි හිටියේ. ඉතින් මේක මහා කට්ටක්.. පස්සේ මම විෂුවල් දෙක තුනකත් රඟපෑවා.. ඊළඟට පොඩි පොඩි චරිත... දැන් මම ජනප්‍රියයි.. ඇත්තටම මට දිග ගමනක් යන්න පුළුවන්.. හීනේ හැබෑ වුණා. දැන් මට ඕනි වුණා ඒකට වටිනාකම එක්කහු කරගන්න. ඒ කිව්වේ.. සල්ලි....... ඔයා හිතනවා වගේ රඟපෑම ගැන හැදැරීම නෙවෙයි... කොතනින් එන්ටර් වුණත් අන්තිමට නතර වෙන්නේ සල්ලිවලින්නේ...?” ඇයට ගාණක් නැති හැඩයි.. මේ ලෝකයා ඇයව කොයි විදිහට හංවඩු ගැහුවත් ඈට කමක් නෑ. ඉතින් ඈ පුදුම එකියක්...
 
“කොහොමද ක්ලබ් ගර්ල් කෙනෙක් වුණේ ඔයා..?”
 
“ක්ලබ්වලට පුරුදු කළේ යාළුවෝ.. ඒවායේ රිංගලත් පොඩි පොඩි දත් ගැලව්වා. ඒත් ඒක මට සෙට් වෙන් නෑ. අන්තිමට ෆීල්ඩ් එකේ දන්න අඳුරන අය මාර්ගෙන් මම මේ බිස්නස් එකට අත ගැහුවා. ඒත්... මම එහෙමයි කියලා අහුවෙන හැම එකා එක්කම යන ජාතියේ එකියක් නෙවෙයි. මට සෙට් වුනේ නැත්තම් කී දාහක් දුන්නත් මම යන් නෑ. අනික ඉතින්.. සමහර මානසික ලෙඩ්ඩු එක්ක බිස්නස් කෙරුවාව එපා වෙනවා.. උන් සල්ලිකාරයෝ.. ටයි කෝට් ඇන්ඳට... උන්ට තියෙන්නේ මහා ජරා ආසාවල්.. ඒවා මෙහෙම කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඇත්තටම උන්ගේ ගෑනු උන් එක්ක ඉන්නවා පුදුමයි දෙයියනේ..”
 
“දැන් එතකොට මේ ෆීල්ඩ් එකේ අය ඔයාව දන්නවා? මම මේ කිව්වේ ඔයා මේ විදිහේ කෙනෙක් කියලා..?” මගේ ඊළඟ ප්‍රශ්නය. ඇය මොහොතක් ගත්තා.
 
“මේකයි.. මේක ඇත්තටම ලොකුම ලොකු රහසක්.. රහසක් කියන්නේ හැමෝම දන්න දෙයක් නෙවෙයි. අනික ඔයා හිතන විදිහට මේ ෆීල්ඩ් එකේ ඩීල් යන එකම ගෑනි මම නෙවෙයි. මට වඩා අන්ත ජරා විදිහට ඩීල් යන උන් ඕන තරම් ඉන්නවා..”
 
“ඔයාගේ හීනේ වුනේ වෙන එකක්..? දැන් ඔයා කරමින් ඉන්නේ වෙන එකක්..? ඇයි ඒ වගේ තත්ත්වෙකට වැටුනේ...?”
 
“ඇත්තම කිව්වොත් මේක මාර ෆනී.. ඒ කියන්නේ මට හිතෙන්නේ අපි ලයිෆ් එක එන්ජෝයි කරන් නෑ. එහෙම විඳවන උන් තමා අපිට ඔය ජරා ගෑනු වේ# ගෑනු කියලා කියන්නේ.. උන් සුදනෝ නෙවෙයිනේ.. මට කවුරු මොනා කීවත් ඒවා ගාණක් නෑ. අනික මගේ හීනේ දැන් පරණයි.. මම දැන් තේරුම් අරන් තියෙන්නේ හැම හීනයක් අන්තිමටම කෙළවර වෙන්නේ මෙතනින්.. ඒ කියන්නේ... අපේ අතේ සල්ලි නැත්තම් මොන හීනයක්වත් හම්බෙන් නෑ..” ඇය සැහැල්ලුවෙන් වචන පෙළ ගස්සවනවා.
 
“අහන්නම හිටියේ..? මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද?”
 
“ඔව්... මම ඔය හැම එකක්ම වගේ යූස් කරලා තියනවා.. ගංජා.. අයිස්.. හෙරොයින්..... ඕවා ඉතින් දැන් කාලේ සාමාන්‍ය දේවල්නේ. ඒත් මම ඒ කිසි දේකට ඇබ්බැහි වෙලා නෑ. ඔයාට මාව බැලුවම එහෙම කියන්න බෑනේ නේද? ඒ වගේ දේවල් ආතල් එකට මිසක් හැබිට් එකක් කරගන්න හොඳ නෑ... මම ඒ ෆන් එක අරන් තියනවා ඒ වෙලාවට...”
 
“බෝයි කෙනෙක් ඉන්නවාද ඔයාට..?” මගේ විකාර ප්‍රශ්නාවලිය. ඇය හිනාවෙනවා විතරයි. ඇගේ හෑන් බෑගයේ ටිෂූ කඩදැහි එකින් එක අහවර වෙනවා.
 
“දෙතුන් දෙනෙක්ම ඉන්නවා. උන් මට පණ ඇරලා ලව්. උන් දන් නෑ මම කවුද කියන්න. අනිත් දේ.. මට උන්ව අත අරින්න හිතෙන්නෙත් නෑ. උන් මට වියදම් කරන නිසා නෙවෙයි. මට හිතෙනවා මට ආදරෙත් ඕනි. කවුරු හරි මාව බලාගන්න ඕනි. කෙයාරින් කරන කොල්ලෙක්.. පිස්සුවෙන් ලව් කරන කොල්ලෙක්... ඒක මාරයි.. ඒ ෆීලින්ග් එක.. මම ඒකට ආසයි....”
 
“මේ හැමදේම අවසන් වෙන්නේ කවදද?”
 
“හැමදාම මම මෙහෙම ඉන්නද? මොකෝ මම වයසට යන්නේ නැද්ද? දැන් මගේ වයස අවුරුදු 24යි... ටිකෙන් ටික මම වයසට ගියාම මමත් දුර්වල ගෑනියෙක් වෙයි. එදාට මා එක්ක කවුරුත් එන එකක් නෑ. ඒත් එතකන් දුක් වෙන්නේ මොකටද? දැන් මම ජීවිතේ උපරිම විඳිනවා. ඒ දවස් එනකන්ම...” ඇය පැණි බීම බෝතලේ ඉවර කරලා අව් කණ්ණාඩිය ආයෙමත් පැළඳ ගත්තා. ශරීර කූඩුව බර දුන්නු කොන්ක්‍රීට් තට්ටුවට ඈව මහා බර ඇති කියලා මට හිතුණා... මේ වෙනකන් ජීවිතේ සැහැල්ලුවෙන් කියවන ඇය ඇත්තටම ජීවිතේ විඳිනවද ? විඳවනවද ? කියලා තෝරගන්න මට බැරිවුණා.
 
“මට හිතාගන්න බෑ ඔයාට දාන්න පුළුවන් විදිහේ නමක්.. ස්වේතා වගේ නමක්..?”
 
“ආව්.. නම් තියන එකද ඔයාගේ රස්සාව.? දවසක මම ළමෙක් හැදුවත් ඔයාට කියලා දාගන්නවා නමක්...” ඇය ඒ කියන ගමන් මහ හයියෙන් හිනාවුණා. ඇගේ හිනා පළුවේ හඬ ඇහිලා දෙතුන් දෙනෙක්ම මේ අත හැරිලා බැලුවා.
 
“දැන් මේ ෆීල්ඩ් එකේ ඉන්න ගමන්.. මම කිව්වේ දැන් ඔයා ටිකෙන් ටික ෆීල්ඩ් එක අත්පත් කරගෙන නොවැ ඉන්නේ..? හදිසියේ හොඳ චාන්ස් ආවොත් මේකෙන්..? බාර ගන්නවද?”
 
“මොනාද මේ අහන්නේ..? බාර නොගෙන කොහොමද? දන්නවද මේ විදිහේ නාඩගම් නටන එකේ පොඩි ආතල් එකකුත් තියනවා.. මම හිතන්නේ ඔයා කියන ස්වේතා හිත හයිය කෙල්ලෙක්.. මොන දේකින්වත් සැලෙන්නේ නැති....”
 
මටත් එහෙම හිතුණා. ස්වේතා මොන දේකින්වත් සැලෙන් නැති කෙල්ලෙක්.. එකත් එකටම රූස්ස ගහක් පාමුලට වැටුණත් ඒ ගැහැනිය මේ අනවසර ගමන නවතින පාටක් නෑ.
 
ඔහේ පිහිනපුවාවේ..! ඇයට නපුරක් ප්‍රාර්ථනා කරන්න තරම් නපුරු හිතක් මට නැහැ..!!

By Lakshan
 
(ස්වේතා යනු සැබෑ නම නොවේ.. මෙහි කිසිදු නාමයක් සැබෑ නාමයන් නොවන අතර පුද්ගලිකත්වය තකා ඒවායේ වෙනස්කම් සිදු කර ඇත.)
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top