තේ දළු ප්රවාහනය කළ ලොරි රථයක් ප්රපාතයකට පෙරළෙයි
Monday, 01 June 2020 - 16:06 | Views - 784
තේ දළු ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් බගවන්තලාව ප්රදේශයේදී ප්රපාතයකට පෙරළිගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියදුරා බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තේ කර්මාන්තශාලාව වෙත දළු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ ගමන්කර ඇත්තේ රියැදුරා පමණයි.
කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්රියාවිරහිත වීමෙන් ලොරි රථය ප්රපාතයට පෙරලි ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
බගවන්තලාව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article