තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
Monday, 01 June 2020 - 16:06 | Views - 785
තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් බගවන්තලාව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළිගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියදුරා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තේ කර්මාන්තශාලාව වෙත දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ ගමන්කර ඇත්තේ රියැදුරා පමණයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් ලොරි රථය ප්‍රපාතයට පෙරලි ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

බගවන්තලාව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top