තොග ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගැනීම ගැන රජයේ අවධානය
Monday, 01 June 2020 - 15:07 | Views - 1,224
කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල පහත වැටී ඇති නිසා, ඉන්ධන තොග ගබඩා කිරීම සඳහා ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.
2003 වසරේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ත්‍රිකුණාමලය ටැංකි පද්ධතියට ඉන්දියාවට ලබාදී ඇති බැවින්, ඒ සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ යළි සාකච්ඡා කොට අවම වශයෙන් ටැංකි 25 ක් හෝ ලබා ගැනීම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අරමුණයි.
ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිවලින් ද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
Share This Article