277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:32 | Views - 2,923
කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව අද කොළඹ වරායට ඇතුලූවුණා.

ඒ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් එම මගී නෞකාව සිය සංචාරක කටයුතු නවතා සේවකයන් අදාළ රටවලට පිටත් කර යැවීමේ වැඩසටහනට අදාළවයි.

අද මෙලෙස පැමිණි නෞකාව කොළඹ වරායේදී ආගමන විගමන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව නැවතත් වරායට ආසන්න මුහුදේ දින දෙකක කාලසීමාවක් රඳවා තැබීමට නියමිතයි.

ඉන් අනතුරුව එළඹෙන 3 වනදා නෞකාව යළි වරායට ඇතුලූවී එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් විශේෂිත ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපල වෙත  රැගෙන යනු ලබනවා.

මෙම පිරිස කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි සහ ගෝව බලා  පිටත්ව යාමට නියමිත බවයි වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, පසුගිය 28 වැනිදාද ක්‍රවුන් ප්‍රින්සස් නැමති නෞකාව, සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් 383 දෙනෙකු රැගෙන මෙලෙස කොළඹ වරායට පැමිණියා.

ආගමන විගමන කටයුතු සිදුකිරීමෙන් පසුව එම නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති අතර, එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපල හරහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදියි.

එමෙන්ම මෙරට සිටින ඉන්දියානුවන් 700 ක් රැගෙන යෑම සඳහා ඉන්දීය නෞකාවක් හෙට දිනයේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතව ඇති බවයි වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top