පවුලේ අයට ආරක්ෂාව දෙන්න...
ගෙදර අයත් එක්ක කතා කළා...
George Floyd නමැති කළු ජාතිකයා ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව සිටින සුදු ජාතික පොලිස් නිලධාරීයාගේ බිරිඳ ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඇයගේ නීතිඥවරයෙකු ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි එම මාධ්‍ය වාර්තා කළේ.
Mrs. Minnesota වන ඇය සිය සැමියා විසින් අදාළ සිද්ධිය සිදු වූ දිනයේම දික්කසාදවීම අපේක්ෂා කරන බවට ප්‍රකාශ කළ බව ද සඳහන්.
ෆ්ලොයිඩ්ගේ මරණයෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් අතිශයින් දුක්වන බවයි ඇය කියා සිටියේ.
චෝදනා ලැබ සිටින ඩෙරෙක් චාවින්ගේ බිරිඳ ඇයගේ පවුලේ සාමාජිකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
අදාළ සිද්ධිය හේතුවෙන් එරට තුළ දැවැන්ත විරෝධතා ආරම්භ වී ඇති පසුබිමක තමන් පවුලේ අයට අවශ්‍ය ආරක්ෂාව ද ලබා දෙන ලෙස ඇය ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.
44 හැවිරිදි පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු ඇප මත මුදා හැරීමට නියම කළ මුදල ඇමෙරිකානු ඩොලර් 500,000 ක්.