ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:35 | Views - 600
ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 53ක් ද අදාළ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංගණය කළ 66,835 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 18,831ක්.
මේ අතර, දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 132 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 26 වන දා සිට නිරෝධායන පනත උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 912ක්.
Share This Article