ඉන්දිය ටෙලි සිනමා නිළියක වන ප්‍රේක්ෂා කොරෝනා අස්සේ සියදිවි නසාගෙන
Thursday, 28 May 2020 - 15:35 | Views - 3,299
ඉන්දිය ටෙලි සිනමා නිළියක වන ප්‍රේක්ෂා මේතා සියදිවි හානි කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
 
25 හැවිරිදි ඇය තම නිවසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.

Crime Patrol නම් ටෙලි කතාමාලව හරහා ජනප්‍රිය වූ ඇය අක්ෂේ කුමාර්ගේ රංගනයෙන් තිරගත වූ පැඩ්මෑන් චිත්‍රපටියේ සහය නිළියක ලෙස ද එක්ව සිටියා.
 
ඇය අවසන්වරට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ "The worst is when your dreams die" ලෙසින්.
 
මේතාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසල්වාසීන් කියා සිටියේ, නුදුරු අනාගතය සම්බන්ධයෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුන බවයි.
 
මීට වසර දෙකකට පෙර ඇය මුම්බායි වෙත පැමිණ තිබුණේ හින්දි සිනමාව තුළ යම් තැනක් හිමිකරගැනීමේ අරමුණින්.
 
රැකියා අහිමිවීම හේතුවෙන්, පසුගිය සතියේ තවත් නළුවෙකු වන මන්මීත් ග්‍රෙවාල් ද සියදිවි නසාගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබුණේ.
 
කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට ඉන්දිය රජය පියවර ගනු ලැබුවා.
 
නිතරම කාර්යබහුල ජීවිතයක් ගත කළ නළු නිළියන්ට මෙය දරාගැනීමට අපහසු කාලයක් බවයි ඉන්දිය මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
 
මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 158,333 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4,534 ක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top