කොරෝනා අස්සේ ගෙදර හිටපු මල්ලි පස්සේ සර් වෙලා -[Photos]
Thursday, 28 May 2020 - 14:02 | Views - 1,294
කුලියාපිටිය හපුගම්මන නිවසක රහසේ උපකාරක පන්තියක් පවත්වන බවට ලද තොරතුරකට අනුව එහි ගිය කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම නිවස පරික්ෂා කළා.
පසුව එම නිවසේ සිටි කාන්තාවක් තමන් ඉදිරියේ ඒ සිටින්නේ තම මල්ලී බව පැවසුවද නිවසේ සිටි ඔහු කැඳවන්නැයි කල ඉල්ලීමේදී අදාල නිවෙස් හිමි කාන්තාව "සර්" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම නිසා කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව ප්‍රශ්න කළා.
පසුව රහසේ එම නිවසේ සිටි දරුවාගෙන් කළ විමසීමේදී එදින එම ගුරුවරයා යැයි කියන තැනැත්තා ගණිතය උපකාර පන්ති පැවැත්වූ බව පිලිගත්තා.
පසුව පොලිසියද එම ස්ථානයට පැමිණ ඔවුන්ට දැඩි ලෙස අවවාද කළා.
Share This Article